
සම්මුඛ පරීක්ෂණේට යන කොට සහතික කිහිලි ගහගෙන
ඉස්සර නං තිබුණ බොහොම දේ හිත යට කෙඳිරි ගා ගෙන
බුදු හාමුදුරුවන්ට වැන්ඳට පුරුදු විදිහට උදයට
දැන් හිස් හිතකි එය ඉකියක්වත් නොවෙන තරමට
අවුරුදු පහකට පෙර දිනෙක අම්මා ගෙනා සාරිය
රස්සාවෙ පළමු දවසට අඳින්නට කියා
තැන තැන කාවො කාලා
තෑගි දෙන්නත් කලින් වෙන කෙනෙකුට
නවතන්නේ කෙසේදැයි සිතමින් ඉන්න විට
ඉබේම නැවතුණා අකුරුත් ලියනු බැරි ලෙස
ලේ ගලනවා නිකරුණේ ගෙවෙන දින ටික
වේදනාවක් විතරයි හිත එක දිගට පෑරෙන
පොඩි කාලේ ඉඳන් අම්මා එකතු කළ දේපල
පොඩි වෙලා දැන් විසල් වූ ලෝකය තුළ
හිත හීරුණත් නොදැනුණා වගේ ඉන්න කොට
අම්මා ඉන්නවා දොරකඩ මල්සරා එයි කියා බලාගෙන
Picture - Helena Wierzbicki
No comments:
Post a Comment