
ඇසිඩ් රැල්ලකට ගසා යමි අහකට
එහෙත් ඉහිලිය නොහැක ඉරුවාරද මට
ආයුබෝවන් කියන්නට ඔබට ඇතැම් විට
ළඟත් ඇති මා නොදැන හිටියට
යන්න යමි එකල්හී
මල් උයන් පසු කොට
හිසද හිත පාරනා
පිහි පහර දුරු කොට
කඳුකරය නවතිමි
උස් විසල් ගසක් යට
උරා බොමි සඳ එළිය
විඩා නිවනෙමි වැතිර
කොත් කැරැල්ලක් පෙනේ
කඳු ඉසෙහි නතර වුණ
හිස මුඩු ගාමි මම
නිවන් යමි එහි සෙවණ
"නොවේවා මින් මතුව ගිහි ගෙයක් මා නමින්
මිදී භවයක මඟින් ඉවත් වෙමි සැනසුමින්"
පැදකුණු කරමි දුක යනෙන මඟ පෙන්නුව
උදාවේවා මට උතුම් අරහත් සුව
Picture - Claude Monet, from Paris (1840 - 1926)
No comments:
Post a Comment