
සඳ බලන්න අපි නැග්ග
ගස අරන් ගිහින් හොරූ
දුවමු දුවමු දුවමු අම්මට කියන්නටා
ගසේ බඳත් නෑ - ලස්සන - අතු රිකිලිත් නෑ
සෙල්ලම් කර වෙහෙස නිව්ව
ගස් කුඩයත් නෑ
හොරු අරන් ගිහින් ගස අර අර බලන්නකෝ
අම්මෙ අම්මෙ අම්මෙ අනේ අර බලන්නකෝ
ගස හොයාන ආපහු මට ගෙනත් දෙන්නකෝ
කෝ කෝ කෝ අම්මෙ අපේ ලස්සන ගස කෝ
ගස් අම්මා තාත්ත වගෙ කිව්වෙ අම්මනේ
අපිත් එක්ක තරහ වෙලා ගස ගිහිල්ලනේ
ඒත් කිව්වෙ නෑ අපි නං හිත රිදෙන දෙයක්
ගිහින් වෙන්න බෑ හොරු ගෙනිහිල්ලාම මිසක්
කොහොමද අපි හොයාගන්නෙ අපෙ නැතිවුණ ගස
ගසුත් වටපිට සද්දක් නෑ නොකියා රහස
ඒත් එක ගසක් උස්සා පාත නැවුණු හිස
"ගස් දහසක් සිටවනු පුත" කිව්වා අම්මේ
Picture - James Browne
No comments:
Post a Comment