Sunday, July 13, 2014

ඉරිඟු



අත්තම්මා ගිනි අස තබා
පුළුස්සන තුරු ඉරිඟු
අපි පෝලිමට බලා සිටියෙමු
උණු උණුව නැවුම් සුවඳින්
ඈ එක එක තබන විට පිඟානක
ඩැහැගැනීමට පොර කෑවෙමු
"උණුයි, දත් විනාස වෙයි"
කෑ ගාද්දී ඇය
පිළිස්සූ ඉරිඟු කරල් රැගෙන
ගේ වටේ පියෑඹීමු

ලිපක් ඇති 'මුත්
අද එහි ගිනි නොමැත
ගොඩ ගසා ඉරිඟු කරල් ඇති 'මුත්
පුළුස්සන්නට කිසිවෙක් නැත
පොරකන්ට, නටන්ට, කෑගසන්ට
කිසිවකට කිසිවෙක් නැත

එහෙත් අත්තම්මා
තවම ලිප අද්දර සිට
උණු ඉරිඟු කරලක්
දිගු කරන ලෙස දැනේ මට

Picture - Canip Taşkıran
http://caniptaskiran.com/

No comments:

Post a Comment