Monday, July 7, 2014

මා ලියන දෙය අයිති ඔවුන්ටය පුත



ඔබට වැඩියෙන් අයිති
මා ලියන දෙය ඔවුන්ටය පුත
ගය ගයා මවු ලියූ සුළකුරු
රඟන 'මුත් වා සුළි අතර පැන
ඔබට වැඩියෙන් මගේ හදවත
ඔවුන් වෙනුවෙන් කිරි උරන්නෙය

වෙලේ ඉපනැල්ලේ නටන්නෝ
ඇළේ ගඟුලේ රැළි ගණින්නෝ
කෙතක් අස පැල් කවි කියන්නෝ
ගිරෙන් ගිරකට පියාඹන්නෝ

ගණ අඳුර දැක බිය නොවන්නෝ
කුස ගිනිද ඉවසා හිඳින්නෝ
තෙමී පිනි දිය සයුර පීනා
ශිල්ප ලැබුමට ඇවිද යන්නෝ

අහෝ මා මා වැනි ඔවුන් හැර
කවර කවියක් ලියම් ඔබ ගැන
ඔබ ඔවුන්ගේ හද හැඳිනි දින
ඔබට මා හද මැනිය හැකි වෙයි

Picture - Danielle Richard, Quebec, Canada

No comments:

Post a Comment