
ඔබේ මල්වත්තේ පිපෙන
පියෝනී මලකට කියනවද
කිසිදා නොදුටු ඔවුන් ගැන
දේදුනු සිහින අපමණ
රෝස පෑ කොපුල් පුල්
මත තබා පිනි උදුල්
සිනාසෙන හැටි මෙවුල්
කිකිණි ලෙළවා මල්
සිනිඳු සේලය නටු
අත්වලින් ඔසවමින්
උදෑසන රඟනවද
ඔවුන් නර්තන මින්
හිස තබා තුරු පතක
නිදා ගන්නට ලොබින්
හිරුට අත වනනවද
එපා එන්නට දැන්
ඔබේ මල්වත්තේ පිපෙන
පියෝනී මලකට කියනවද
මුහුදු සත් ගවු එපිට
පිපෙන සිහිනයක වග
Picture - Chelìn Sanjuan
මගේ වත්තේ පිපෙන
ReplyDeleteපියොනි මලකට කියමි
මුහුදු සත් ගව් එපිට
මගේ පෙම්වත් පිච්ච වැල
අම්මාට තනි රකින බව
මෙහෙ අරන් ආ බව
මා සිතූවද ප්‍රේමය
දූපත පුරා දස අත
තවම එය පැතිරෙන බව
පියොනි ගිය පසු
වස්සාන ඩේසි පැමිනේ
ඊටත් හුගක් පසු
ක්‍රිසන්තමම් පැමිනේ
උන් හැමෝටම කියමි
ගැට පිච්ච ප්‍රේමය
තවම දලු ලන බව
ඉරිසියාකාර පුංචි පෙති අස
මගේ දුක නසන්නට දතකමි
අලංකාරයි..
Delete