
සිනාසෙන්නට වගෙම හඬන්නට නොහැකි ඇස්
පියෝනී ඒ ඔබේ ඇස්
බැස යන ඉරේ රත සායම් ගෑව ඇස්
හඬන්නට වගෙම සිනාසෙන්නට නොහැකි ඇස්
ඒත් කවියක් වගේ සරෙන් සර ගැයෙන ඇස්
දම්පාට විල් තෙරක රන් පාට අඳින ඇස්
පෙමින් පෙම් බස් නොදොඩ ප්‍රේමයෙන් ගැහෙන ඇස්
පියෝනී ඒ ඔබේ ඇස්
පෙම් බැඳ සිතට සොඳ අලංකාරය පිරුණ
සහකාරියක් හොයා දුන්නු ඇස්
ඒ වුණත් හඬන්නට නොහැකි ඇස්
පියෝනී ඒ ඔබේ ඇස්
සිනාසෙන්නට වගෙම හඬන්නට නොහැකි ඇස්
Picture - Sir Tomas F.Dicksee
මගෙ වත්තෙ පියොනි තියෙනවා
ReplyDeleteමේ කවි වල තියෙන්නෙ ඉංගිරිසි කවි වල හැඩ තල. විශේෂයෙන්ම ආකෘතිය සහ වචන.ඒව සිංහලෙන් ලියැවෙනකොට නියමයි. හැම කවියකටම කොමෙන්ටු දාන්න සිතීම ඔයාට මල වදයක් වන නිසා අමාරුවෙන් ඉවසනව.
හැම කවියකටම කමෙන්ට්ස් දාන්න ඉතින්! Comments කියන්නෙ සතුටක්! :)
Deleteමම හොඳ කියවන්නියක් නොවන නිසා ඔයාට අහුවෙන දේවල් ඇත්තටම මට අහුවෙන්නේ නැහැ..ඒත් සිංහල දේවල්වලට වඩා පොත්වලින්, චිත්‍රපටිවලින් විඳින්නේ විදේශීය දේවල් නිසා එහෙම වෙනවත් ඇති. මමත් කැමතියි පියොනි, විස්ටාරියා තව තව හුඟාක් නොදන්නා මල් මගේ වත්තෙත් පිපෙනවට!
Go on all day ♥
Delete