කවුළු පිස එන සුළඟ නො තකමි
ඈතට ඇදී යන විසිතුරු සාප්පු නො බලමි
වර්ණ වර්ණ සුන්දරත්වය නො සොයමි
වෙන දා මෙන් කවුළුවෙන් පිටත නො දකිමි
තෙරප යන මහත් සෙනඟ දෙස ම නෙත් අයා ඉමි
ඔවුන්ගේ පසුම්බි ද දෑත් ද සොයමි
සෙනඟ අතර ම සෙනඟ අතර ම බලමි
මහා දුර්ගුණ කර්ම ඇසට හසුවෙතැයි සිතමි
දුරකථනය නො බලමි
කවි කුරුටු විසි කරමි
හිතට එන කවි පවා බැහැර ලමි
ඇස අයා ඇස අයා බලා ඉමි
Picture - Anthony Quinn, American, Born 1915
එහෙම බලා ඉන්නකොට හිතට ආපු කවියක් ද මේ?
ReplyDeleteකඳු......බස් එක ඇතුලේ වාඩිවෙලා නම් ඉන්නේ, ඇස් අයා බලන් ඉන්න එපා, ඇස් වසා නිදාගන්න.....නැත්නම් කාට හරි සීට් එක දෙන්න වෙයි
ReplyDeleteවෙව්ලන ඇඟිලි තුඩු දකින විට
Deleteඇහැරෙනවා ඉබේ ම මම
ගමනේ ඉතිරි බාගේ වගකීම
ගන්නට බැරි වුණත් මට
ඒත් දුර ගමන්වලදී ඒක හරි ම අමාරු දෙයක්, මම කොළඹ ඉඳන් බිබිලට ම හිටගෙන ගිහින් තියෙනවා දවසක්.. කාටවත් විනාඩි පහකටවත් හිත උණු වුණේ නෑ එදා.. ඒ හුඟක් පරණ කතාවක් වුණත් අසුනින් නැඟෙන හැම මොහොතක ම ඒ කතාවේ ස්වල්ප ඡායාවක් මගේ මනසට තව ම එනවා.. 'මම වෙනස්' වගේ කතාවක් හිතන්න උත්සාහ කළත්.. ඒකෙන් ලැබෙන්න තියෙන දේවලුත් නැතිවෙනවා මිසක් හරියන දෙයක් නෑ කියලත් මතක් වෙනවා..