Wednesday, November 27, 2013

'A River Runs Through It' : මිහිරි සමයක සුවඳ


හුදෙකලා වී සිටින ඔබට ඇසෙනවද ඔබේ කුඩා කාලයෙහි ආමන්ත්‍රණය... ආයෙමත් දකින්න කැමතිද කෙළි දෙළින් පසු වූ හුරු පුරුදු වන අරණ.. නිල නඟමින් ගලා ගිය ගංගාව... එකට වුන් සොහොයුරන්, මිතුරන්..

මතකද කෑ ගසමින් කඳුකරය වෙත දිව ගිය හැටි.. රළ නඟමින් ගලා ගිය ගංගාවේ කතාබහ පරයන්නට කෑ ගැසූ හැටි..

එදා එක් ව මාලු ඇල්ලූ බිලී පිත්ත හිත හෙමින් රිදවන හැටි... ඒත්, ජීවිතේ සුවඳට ලොබ බඳින හැටි

හරි ම ආදරණීයයි මේ කතන්දරේ.. ඔව්, මම මොකටද බොරු කියන්නේ... අම්මා, තාත්තා, මල්ලිත් එක්ක එකට ගත කළ සුන්දර ජීවිත කාලය.. වෙනස් පාරවල්, හිතිවිලි දිගේ ඇදුණු සොහොයුරන් දෙදෙනෙක්... රඳවාගන්න බැරි ව ඈතට ඇදී ගිය කාලයේ වලාකුළු..

ඉංග්‍රීසි සාහිත්‍ය මහාචාර්යවරයෙක් වුණු Norman Fitzroy Maclean (1902 - 1990) විසින් 1976 දී ප්‍රකාශයට පත් කරන ලද 'A River Runs Through It and Other Stories ' නම් වූ අර්ධ ස්වයං චරිතාපදාන නවකතාව පාදක කර ගෙනයි මේ අපූරු චිත්‍රපටිය ගොඩනැඟෙන්නේ..

Norman (Craig Sheffer) වැඩිමහල් සහෝදරයා.. Jessie Burns (1905-1968) ඔහුගේ ආදරවන්තිය.. Paul Maclean (Brad Pitt) තමයි ඔහුගේ ආදරණීය පුංචි සොහොයුරා..

1992 දී Robert Redfordගේ අධ්‍යක්ෂණයෙන් චිත්‍රපටයකට නැඟුණු මේ සුන්දර කතාවෙන් ඔබට මේ අය මුණ ගැහෙත හැකියි.
මෙම චිත්‍රපටිය Academic Awards තුනක් සඳහා [Best Cinematography (Philippe Rousselot); Best Music, Original Score (Mark Isham); and Best Writing, Screenplay Based on Material from Another Medium (Richard Friedenberg)] නිර්දේශ වූවක්...හොඳම සිනමාරූපණය වෙනුවෙන් ලැබෙන Oscar සම්මානය මෙහි සිනමා යාන්ත්‍රික  Philippe Rousselot  විසින් දිනා ගනු ලැබුවා.
 

English subtitles :
http://subscene.com/subtitles/a-river-runs-through-it

Sources -
http://en.wikipedia.org/wiki/A_River_Runs_Through_It_%28novel%29
http://en.wikipedia.org/wiki/Norman_Maclean
http://en.wikipedia.org/wiki/A_River_Runs_Through_It_%28film%29

5 comments:

  1. බලල නම් නෑ කඳූ. බලන්නම්කො හෙමිහිට.

    ReplyDelete
  2. ස්තුතියි මේ තොරතුරට කඳූ

    ReplyDelete
  3. ලව් ස්ටෝරියක්ද ?
    මට එව්ව ඇලජික්නේ.... :)

    ReplyDelete
    Replies
    1. නෑ.. නෑ.. මේක වෙනස් කතාවක්..

      Delete
    2. තාමත් බනව දවස් 2ක් තිස්සෙ.. ඈක්කා මේ ඉන්ටර්නෙට් නම්

      Delete