සමර විජේසිංහ :
එක්කගෙන යා නොහැකිද
ගමට අපිවත් දවසක
කඳු :
නිදාගෙන ඇතිද ඔබ මැටි පොළවක
සනහාගෙන ඇතිද කුස වෑවරෙන
දරාගත හැකිද ගල් බොරළු පෑගෙන ගමන
එසේ නම් එන්න මගෙ ගමට යන්න
දේදුනු දෙකක් එකතු කොට මසා මල් වාටිය
හදන්නං පොඩියට තොරණක් එහෙම කාරිය
ගල් ඔයෙන් පුළුවන්ය දෙපා දෝවාගන්ඩ
නියර මත මාර මල් එළයි පාවඩ නිසැක
අතරමඟ විඩා නම් කඩා ගත හැකි නාරං
ගල් පොත්තකට වාරුව බෑව හැක පාරං
බුලත්විට කනවාද මේ නියම කොළ දුං
බස්තමක් ඕනෑද සීයෙ තව ගවු දුර නං.....
වහගනින් කෙල්ල කට වැරදි පැනයකි ඇසුයේ.. Grr..
Picture - 'A River Runs Through It' Movie
No comments:
Post a Comment