Sunday, November 24, 2013

නැවත අප ලබන්නේ අප හදේ ඇති දෙයයි.



මරණය අඳුරක් නොව
ආලෝකයක් බව
එ'නුබ ඉගිලෙන විට සිතේ
ලුහු නොබඳිමි
පා ව යමි

රැළි නඟන්නට පොර නොබඳන
කුඩා දිය කඩිති දකිමි
බිඳෙන් බිඳ සුව වෙමි
නිවී යමි

සෞම්‍ය සිනාවන් ම'සිරුර ගැටේ
ඔව්, මගේ හිත
ආදරයෙන් ඔවුන් ම'දෙස බලයි
නැවත අප ලබන්නේ
අප හදේ ඇති දෙයයි

මියුරු සිතාර් හඬ ඈතින් ඇසෙයි
හැම තැන ම මා කැමති දේ
පාට පාට සිතුවම්, වලාකුළු පාලම්
ඇත්තේ මෙහි රිසි දෑම යි
නැවත ලබන්නේ අප
අප දරා සිටි දෙයයි

[යටි පෙළ - මෙලොව සංවේදී, නිවැරදි මිනිසුනට ජීවත්වීම අසීරුය. වැරදි ලොවක නිවැරදි ව... දරා සිටින්නට වෙයි බොහොම.. අසීරුයි, තැවුල.. දරා සම සිතින් නිවීමෙන් ම පසුවෙතොත්, නිවැරදි මඟ ම අඩි තබතොත්, ඔබ දරා සිටි යුක්තිය ඉතා දිගු ගමනේ තැනෙක ඔබ සොයා 'විත් ඔබ සනසන්නේමැයි.. මෙය මගේ අත්‍යන්ත විශ්වාසයයි...

නිදසුනක් සේ, ඔබ මෙ වර අනියම් සබඳතාවකින් පවුලක් අවුල් කොට කඩා බිඳ දැමුවහොත්, ඉන් කැඩී බිඳුණු හිත්හි රස අඳුනා ම අවබෝධ ලබන්නට මෙවර හෝ මතු ඔබ එය අත් විඳිනවා ම යි.. එය ඔබ ම පිළිගෙන ලබන්නක් මිස අන් කවරෙකු හෝ ඔබට ලබා දෙන දඬුවමක් නොවෙයි.. ]

Picture - Stojan Milanov

1 comment:

Note: Only a member of this blog may post a comment.