කඳු කඳු කඳු කඳු
තුඟු කඳු නිලු කඳු
ලඳු බඳු කුදු කඳු
සුදු මුදු සඳු රිදු
රහසින් මැනලා හැඟුම් විලාසා
දහසින් සඳ මුව වැසිලු අඳුරු කළු
ගව්වෙන් ගව්වට පිරිපත නඟලා
රුදු ලෙස පලවා හැරිලු සඳේ සලු
අහසින් පැන ආ අසු පිට නැඟිලා
පහසින් උමතු ව නැඟුණු වලාකුළු
පවුරින් පවුරට රැකවල් බිඳලා
කඳු මත විසුරා ගියේලු මේ කුළු
Picture - Ken Hamilton, Irish, born 1956
No comments:
Post a Comment