Saturday, November 16, 2013

බෝඹුරු ඇල්ල



බෝඹුරු ඇල්ල බෝ දුකින් බලන
බෝ පත කොහිද හිත රහසිනුදු නොවිමසන
කාලය ගෙවී බෝ දුර ගොස් දැනී මෙන
පාළුව ගිය හිතට අමතයි ගයා වෙණ

කඳු බඳ අතුළ එ දවස කහ පාට කුසුම්
ඉඳුවර පිපෙන සුවඳට නැඟි තුරු කැටයම්
අඳුරට හාදු දී හද මත සඳ මනරම්
පිදුමට සොඳැති හිත ළඟ මැවුවා කවිකම්

තඹර නුමුතු දුල් අඹ ඇඳ බමර'කුරු
අඹර දිමුතු විල් ඉඹ ඉඳ රස මියුරු
බඹර අමුතු සිල් සිඹ විඳ ළබඳ 'යුරු
සමර උමතු මල් නුඹ සිඳ කඳුළු දැරු

Picture owner - Buddhika Mawella
Source - en.wikipedia.org/wiki/Bomburu_Ella

No comments:

Post a Comment