
යුත ගෙනෙද නිබඳ කඳු මතට මන්දාරම
සතු නොවූ කුරිරුකම මැවෙයි හැම පාර ම
නතු නොවූ තුහින හිත ගැයෙයි දුක් ගායන
මතු දිනෙකවත් පිපෙද මල් සුවඳ දීගෙන
තලා ඉරි කටුක බිම දිය සොයන ජීවිතේ
නෙළාගන්නට මලක් නැතිවිණිද මාවතේ
වරා මල වගේ ඉගිලෙන්න බැරි ආකහේ
තලා අරගෙන ගියේ පුරහඳද සාමයේ
ළයේ හිරවෙලා ඇමිණෙන කඳුළු කඩු තුඩින්
පියේ අත්තටු මැවෙද ඉගිලෙන්ට කූඩුවෙන්
දැයේ මළ ගම ලියනු මිස අවර සාමයෙන්
ගැයේ යැයි හිතෙනවද රටක කවි සාදරෙන්?
Picture - Justin Gaffrey
No comments:
Post a Comment