Monday, November 4, 2013

ධන ධන ධන නැති නිසා ය මේ ඔක්කොම සෘණ

Svetlana Valuyeva, Unknown Title

ධන ධන ධන නැති නිසා ය
මේ ඔක්කොම සෘණ
සෘණ වෙනකොට උණුහුම හද
සීතල වුණෙ කිම

මිනිත්තුවෙන් සැතපුම් දුර යන්නට අර අදින
සුසුමකින් ම පටන් අරන් මහ මඟ වන වදින
කැඩුණ බිඳුණ හිත හදන්න අරුමෝසම් සොයන
අනේ අපොයි මට ම හිනා පිරිමි හදක නැටුම

Picture - Svetlana Valuyeva, Russian, Born 1966

No comments:

Post a Comment