Saturday, November 9, 2013

නිවන් යන්ට බැරි මට මගෙ ගම හින්දයි

Houses Along the Coast

සවන් පුරා විඳි බිඟු නද මන නන්දයි
ලවන් සිඹි දෙලුම් දං දමුණු ද වින්ඳයි
මුවන් පැන දුවන ලඳු කඳු ආනන්දයි
නිවන් යන්ට බැරි මට මගෙ ගම හින්දයි

මීදුම් අතරමං වන කඳු සානු අග
පාදම් නතර විය කවි හදකට සු ළඟ
ලා දම් පාට කඳු හිස් සිඹි සඳ සුසග
මා දං පැසෙන්නට පෙර නික්මුණු දුරග

සාරිය අතැර දා වියැළි ව ගිය ගතින
ආදිය පල වෘක්ෂ අත ඇර කඳු අඟන
නාරිය කොහිද සියුමැලි විමසන නෙතින
රා දිය හලා 'මතු කරවයි හද විමන

Picture - Franz Bischoff, Austrian/American, 1864 - 1929

8 comments:

  1. අපේ ගම ඔය කියන තරම් ලස්සන නැහැ. ඒත් අපි ආදරෙයි.. :)

    ReplyDelete
  2. දෙතැනක පිහිටි එළිවැට අපූරු යි.

    ReplyDelete
  3. ෂා අපුරුයි නොවැ..පංකාදු පහයි

    ReplyDelete
  4. මගේ ගම් පියස මතක් උනා....

    ReplyDelete