Monday, November 11, 2013

වෙනස් වූ බස් ගමන

Anthony Quinn, La Femme Ideal

කවුළු පිස එන සුළඟ නො තකමි
ඈතට ඇදී යන විසිතුරු සාප්පු නො බලමි
වර්ණ වර්ණ සුන්දරත්වය නො සොයමි
වෙන දා මෙන් කවුළුවෙන් පිටත නො දකිමි
තෙරප යන මහත් සෙනඟ දෙස ම නෙත් අයා ඉමි
ඔවුන්ගේ පසුම්බි ද දෑත් ද සොයමි
සෙනඟ අතර ම සෙනඟ අතර ම බලමි
මහා දුර්ගුණ කර්ම ඇසට හසුවෙතැයි සිතමි
දුරකථනය නො බලමි
කවි කුරුටු විසි කරමි
හිතට එන කවි පවා බැහැර ලමි
ඇස අයා ඇස අයා බලා ඉමි

Picture - Anthony Quinn, American, Born 1915

3 comments:

  1. එහෙම බලා ඉන්නකොට හිතට ආපු කවියක් ද මේ?

    ReplyDelete
  2. කඳු......බස් එක ඇතුලේ වාඩිවෙලා නම් ඉන්නේ, ඇස් අයා බලන් ඉන්න එපා, ඇස් වසා නිදාගන්න.....නැත්නම් කාට හරි සීට් එක දෙන්න වෙයි

    ReplyDelete
    Replies
    1. වෙව්ලන ඇඟිලි තුඩු දකින විට
      ඇහැරෙනවා ඉබේ ම මම
      ගමනේ ඉතිරි බාගේ වගකීම
      ගන්නට බැරි වුණත් මට

      ඒත් දුර ගමන්වලදී ඒක හරි ම අමාරු දෙයක්, මම කොළඹ ඉඳන් බිබිලට ම හිටගෙන ගිහින් තියෙනවා දවසක්.. කාටවත් විනාඩි පහකටවත් හිත උණු වුණේ නෑ එදා.. ඒ හුඟක් පරණ කතාවක් වුණත් අසුනින් නැඟෙන හැම මොහොතක ම ඒ කතාවේ ස්වල්ප ඡායාවක් මගේ මනසට තව ම එනවා.. 'මම වෙනස්' වගේ කතාවක් හිතන්න උත්සාහ කළත්.. ඒකෙන් ලැබෙන්න තියෙන දේවලුත් නැතිවෙනවා මිසක් හරියන දෙයක් නෑ කියලත් මතක් වෙනවා..

      Delete