Saturday, November 23, 2013

කවියන්ට අත තියන්ඩ එපා!




වැටෙන තුරු පතටත් පපුව ගැහෙන
මලක සුසුමකටත් කවක ලිහෙන
අඳුරු ඇස් යුග අතර දැවෙන
කඳුළකට වුව පණක් තියෙන
කවියෙකුගෙ හදවතක්
රෙජිමෙකට උගුලන්ට හැකිද

වසන්තය ගිරි කුළු අතර
ගම් බිම් අවුලුවා බිඳුණු සර
දුක හැලෙන පෑනකින් නිම කළ
වීදුරු හදවතට
තබත හැකිවෙද කුළු පහර

විඳ විඳ නරුම අව නද
බිඳ බිඳ නොවේ සුවිසල
නැඟු ඉකියකට ඉව කළ
සුනඛයනි තොප මිල කළ

කවියන්ට අත තියන්ඩ එපා 'ඩෝ..

Picture - Christopher Anderson (Photography, Magnum Photos, b. Canada 1970): VENEZUELA. Caracas. 2006. 

5 comments:

  1. අම්මපා උඹ හරි ඩෝ!!!

    ReplyDelete
  2. ලස්සනයි... ඇත්තමයි... දුකයි... ඒත් අගෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කියාවත්
      කිව හැකිද තරු රසී
      ඇණ ගසා ඇති විටෙක
      නිල අහස් ගැබ පුරා

      සොහොන් මල් පිපෙන්නේ
      මරණයය පෙනෙන්නේ..

      Delete

Note: Only a member of this blog may post a comment.