Sunday, November 10, 2013

ම'හිත ඇමිණුව අලුව

Music

පාළුව ගිහින් ඇති අපේ වත්ත
හාත්පස පොල් අතු වැටී වැතිර
කදෝකිමි පෙළක් මෙන් එ මත
හිරු එළිය ඇද වැටෙනු ඇත

හාද්දක් පිණිස පෙරුම් පුරන
ගිම්හානයේ අඩදැණි සුළඟ
රාත්‍රියේ සැඟව වන ගුලක
හීන් කඳුළක් සලනු ඇත

ගෙයි වටා දුව පැන නැටූ
කොළ පාට මල් ගවුම
දැක නොරොක් බැල්මෙන් බැලූ
ඇය ද නැත - ඇය ද නැත

ගසතු 'ඟිලි වැදී තත්
කම්පිත කරන ඈ ගිතාරයක
සුළඟ සිහින් හඬ ගෙනෙනු 'ත
ඈත වනයෙන් නිහඬ

බිඳ බිඳා පුබුද පුබුදා
ම'හිත ඇමිණුව අලුව*
හඬ නඟන හැටි නිබඳ
ඇසෙනවද මිත නුඹට

අලුව* - Bow

Picture - Edward Charles Hallé, British, 1846 - 1914

7 comments:

  1. ලස්සණ යි කඳූ... හැම දා මත් වගේ.

    ReplyDelete
  2. විශිෂ්ඨ නිර්මාණයක්!!!

    ReplyDelete
  3. අලුත් කවියකින් හැමදාම ඇවිස්සෙන පරණ මතක . අගෙයි කඳු

    ReplyDelete
    Replies
    1. පරණ නොවෙන පරණ මතක!

      Delete
  4. තවත් වදනක් ඉගෙනගත්තා........අලුව කියන්නේ එහෙනම් වයලින් bow එක..අනිත් එකම bow වචනයක්වත් අදාල නැද්ද?අනිත් bow ඔක්කොටම අමතරව ලංඩන් වල නගරයකුත් තියෙනව Bow කියලා. ස්තූතියි කඳු!

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ නෑ අරූ..

      Delete