
රාන් කිරිල්ලී රාන් කිරිල්ලී රාන් කුරුල්ලා කොයි
පාන් කියන්නට පණ කඳ නැතුවත් චෝගම් සිරි බලතෙයි
චාර්ලිස්ට ඒ සී ටික තිබුණොත් අපට හරි ම සැප දෙයි
ඩෝං පුතේ* අද වගතුග දැකලා කවි ලිව්වත් බොල ඇයි
පාර වහන් පැය ගාණක් හිටිය ම අපි හිටගෙන ඉඳිමු
පාර ගානෙ රස්තියාදු වී ගෙන අපෙ මැඳුරට වඩිමු
හාල් ටිකක් වැඩි වතුරට දමලා කැඳක් බතක් උයමු
ආයෙ මොකට කනවද අපි ඉඳගෙන චෝගම් ටික බලමු
නෙළුම් පොකුණෙ ලී කැටයම් පේළී මාර අලංකාරයි
කැලුම් දෙනව වාහන එළි පේළී දෑස නිලංකාරයි
විලංගුවේ ලන පරම්පරාව ම චෝගම හරි සාරයි
සිලිං බිලිං ගෑවත් අත බෙලෙකේ ආශ්චර්යෙ මාරයි
Picture - 'The Great Gatsby' Movie
කවි ටික අගෙයි..
ReplyDeleteවිලාප ගී තමයි දැන් ලියන්න වෙලා තියෙන්නේ....