Wednesday, November 13, 2013

සපත්තු අඩියක්

Image Found on the Web

කොහුවල හන්දියේ සපත්තු කඩයක
උල් පිහි වගේ වහන් අඩි පෙනෙන කොට
එවන් සැතකින් අප පහරන නිතර
සපත්තු අඩියක් පෙනේ මට
හදවත බල නහර
අත් කකුල් ඇස් අතැඟිලි පවා
තලා පෙළා නියඟයට ඇද දමා
බොහෝ කලකට සරතැසට
එක වැහි බිඳක් පමුණුවන

නිදා වැටී තැන් තැන්වල
සොච්චමකට නතර වුණු ඈයන් අතර
නතර වන්නට අමතක වුණාක් මෙන් පොර බදන
අත් පා මනස් ඇත
තැලෙන පෙළෙන පුපුරන
තැලෙන පෙළෙන පුපුරන
රතිඤ්ඤාවක් වගේ වෙව්ලන
තුවක්කුවකින් එළියට පැන
පස වෙත කිඳා බසින්නට නියමිත
මොකක්දෝ දෙයක් අරගෙන
ගැල බඳ අඳින ගොනුන් මෙන්
ඔසවා ගත නොහැකි අඩි තබන

Picture owner - unknown

4 comments:

  1. අපූරැ සිතිවිල්ලක් වෙනදා වගේම ඔබගේ මනා පබැඳුමින්! ඔබ හැබෑ දක්ෂියක්. දයාබර කඳු ඔබට හැකි වෙලාවක සඳුන් සෙවනට පිවිසී මා වැනි අංකුර කවියෙකුගේ නිර්මාණ විචාරය කරන මෙන් මගෙන් සුහද ආරාධනයක්. එය මගේ ඉදිරි නිර්මාණ වලට විශාල පිටුවහලක් වේවි. ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. මා කවියෙක් කියා සිතුවාටත් ඉන් නොනැවතී අංකුර නොවන කවියෙක් කියා සිතුවාටත් ස්තූතියි.. ඒත් මං හිතන් නෑ මං කවියෙක් කියා..

      ඉඩ ලැබෙන විදිහට උත්සාහ කර බලන්නම් විචාරිකාවක් වෙන්න.

      Delete
  2. මට තියන ප්‍රශ්නෙ ඕව දාගෙන ඇවිදින්නෙ කොහොම ද කියන එක. :D

    ReplyDelete
    Replies
    1. මම නම් පොළොවට සමාන්තර ව යන කෙනෙක් :D

      කිණිස්සකින් අනිනවා වගේ පොළොවට
      ඒවා පළදින අයට වදයක් නෙමේ වෙන්න ඇති
      දකින අපිට එහෙම වුණාට...

      Delete