Tuesday, November 12, 2013
සරතයට කවි ගෙනා මිහිදුමී
සරතයට කවි ගෙනා මිහිදුමී
වියළි තොල් පෑරුවා නොදැනිණී
හිරු රැසින් ඔප දමා
කඳු කලාලය මතින් ඉගිලුණී
හිත මතින් කවි ලියා
හිත අරන් ඈතට ම ඉගිලුණී
හිතේ පත් සුළඟ හා විසිරුණී
මල් නොපූදනු පිණිස සැරසුණී
ගසේ අරටුව වසා හුන් නොයෙක තුරු රටා
යටි වියන මත වැටී මියැදුණී
පස මතට හිස නවා ගුලි වුණී
ගැලු කඳුළු හිම කියා නම් වුණී
සිසිරයක මිහි මත ම සුදු වුණී
ඇසක නොගැටෙන ලෙසින් සැඟවුණී
Picture - Quoted from favim.com/image/27065
Picture owner - unknown
Labels:
කඳු ගී
Subscribe to:
Post Comments (Atom)
හරිම ලස්සනයි කඳු ඔබගේ නිර්මාණය!!! තව තව නිර්මාණ බිහිකරන්න ශක්තිය ලැබේවා!!!
ReplyDelete