Monday, November 25, 2013

නිවහන


සුදු බැටළුවන් දඟ කරන
තණ බිම්හි කඳු බිම් අතර
නිවහන වේය මාගේ
මා කොතැන නිවැසිය ද

වීථි පහන් අතරින්
පෙනේ කඳු ඉසෙහි කැටයම්
තාරුකා එළි මැදින්
ගලයි ගංගා ම'හදින්

ජනෝඝය මහත් මං
ඉරිතැලුණු කතර ඉම්
තෙමී යයි එක් විටෙන්
වැටී වැසි මෝසම්

Picture - "Mountain Meadow", Dall Sheep, Robert Bateman
http://www.artcountrycanada.com/batemanm.htm

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.