Monday, November 11, 2013

වස්දඬුව කොහිද කොයි රාධා

Barnali Bagchi, Radha Krishna

තත් විසර කරවමි
වීණාව වයනෙමි
වස්දඬුව කොහිද රාධා
වස්දඬුව කොයි කොහිද රාධා

බඳ ලකල නළවනුද රාධා
සඳ නැඟෙන රැය දුරද රාධා
සිහින් තරු එළි ගෙනෙද බාධා
ආදරේ මුමුණන්න රාධා

මඳ අඳුර මුව කමල සාදා
බිඳ වනය හෝපලුව ආ දා
අද වගෙයි අද වගෙයි රාධා
රාත්‍රිය සනසන්න පූදා

Picture - Barnali Bagchi, Indian

No comments:

Post a Comment