Thursday, November 14, 2013

ඒත් අපි ඇවිද ගියා

Windriver

මං ඊයේ මහා දිග හීනයක් දැක්කා
ඔයත් එක්ක ගඟක් දිගේ යන
දෙපස වැල් ගුල් ඈත් කර
අපි ඈතට ඈතට ඇවිද ගියා
කකුල් රිදෙන තුරු
වේගයෙන් ගලා ගියා දිය පහර
ඒ දිහා යන්තමට බලමින්
අපි එළි වෙනකල් ම ඇවිද්දා

කුරුලු කූජන ඇසුණෙ නෑ
අඩු තරමෙ පලඟැටි හඬක්වත්
දියේ මහා ඝෝෂාව මැද්දෙන්
ඒත් අපි ඇවිද ගියා
එළි වන තුරු ම

Picture - James Biggers, American

No comments:

Post a Comment