Sunday, November 3, 2013

කඳුළු වලා වහින විලස පිරිමි ඇසක පවා

Andrei Protsouk, My Love

ඔබ සඳක් වගේ පායා වන පෙත මුදුනේ
දිනෙක වෙහෙස දුරු කරනා ගීත ගයන්නේ
වන පෙත නෑ දුම් කුලුණුයි අවට පෙනෙන්නේ
නුඹෙ දෑසයි වන පෙත මැද ගීතය වන්නේ

ඇඟිලි තුඩින් තුඩ රිදවන වෙහෙස ය දිව පුරා
කඳුළු වලා වහින විලස පිරිමි ඇසක පවා
සිනාව ගත නොහැක මිලට නුවර වීථි පුරා
ලොවට හොරා සැඟවෙමි නුඹ හදෙහි ම'හිස තබා

Picture - Andrei Protsouk, American

8 comments:

  1. කෙටි කවි අතර අපූරු සිව්පදයක්. ලස්සණ යි කඳූ....

    ReplyDelete
  2. ගොඩක් හිතට දැනෙන පද පෙළක්

    ReplyDelete
  3. ලස්සනයි!!!

    ReplyDelete