Wednesday, November 27, 2013

සංගීතය මට ඇසුණා



සංගීතය මට ඇසුණා
සුළඟ තුරක වදිනා
තුරෙහි සුපිනි සැලෙනා
හාවෙක් කන් ගසනා

ගෝන පයක් තුරු වදුලෙන්
නොගැඹුරු දිය පනිනා
පැටි ලේනෙක් ඒ දැක සිය
සීනු නාදෙ නඟනා

ගිරි ඉස පැන සඳ ඇවිදින්
තුරුන් සුසර කරනා
මුකුළු පපා තරු පේළී
කිකිණි සිනා සලනා

ඕලු මලක සුකොමල නා
නී දිය මත ඇඳෙනා
කට කොළ පෑ තඩි මැඩියෙක්
මලට විහිළු කරනා

සංගීතය මට ඇසුණා
ම'හද වෙණෙහි නටනා
මන්මත් කර මනස් විලේ
සිය සියපත් මවනා

Picture - ilikewallpaper.net

3 comments:

  1. කවිය කියවද්දී පිනි කැටයක් හිතට වැටුනා .

    ReplyDelete
    Replies
    1. හෙහ් .හෙ.. 'හිසට' නෙවෙයි 'හිතට' වැටුනේ පිනි කැට

      Delete