මහ වැස්සක් වහින වෙලේ හබරල අතු සැලෙන්නේ
ඒ වාගෙයි වැස්සට මගෙ පුංචි හිතත් සැලෙන්නේ
අකුණු ගසයි විදුලි කොටයි පොල් ගස් ඇඹරවෙන්නේ
පාරුව ගෙන සුදු සීයා ඇළ දිහාට දුවන්නේ
දණ ගාවට මෙන්න වතුර ගඟ ගලලා වගෙයි මිතුර
නියර මතින් පැන පැන යයි රළ නඟමින් නොවී නතර
වපුරගත්තු වියැට අපොයි අප්පච්චී මතුර මතුර
වෑවර පේළිය පාවෙයි රළ නඟනා තරඟ අතර
කවුද එන්නෙ අප දිහාට උරුක් කරන් දිග බස්තම
දැක්කොත් 'හෙම අපි දෙන්නා ගතු කියාවි අම්මාටම
මලේ දුවමු අඩි තියලා වැස්සත් සැරවෙයි හොඳටම
ඔන්න බලන් පොල් අතු ටික බිම පනින්න නටන තරම
Picture - Vincent van Gogh
No comments:
Post a Comment