Tuesday, November 26, 2013

Biodiversity


දශම ගණනකටත් පසු ව
ඒ පාසල ඒ විදිහට ම
දැල් කවුළුවෙන් එපිටට
මිටියාවත් හාවුණු
දේවදාර වැට මං වැඩිය ආස කළ තැන
ඈතට ඇවිදගෙන යන කෝච්චිත් ලස්සනට පෙනුණ

පුස්තකාලය තිබුණේ ඊට ටිකක් පල්ලෙහා
එතැන හරි දිස්නෙ දියමන්ති තිබුණා
සමහරු දියමන්ති මාල පැළඳගෙන හිටියා
අලුත් අලුත් වචන ඉගෙනගත්තු ශබ්දාගාරයේදී මං
biodiversity ඉගෙනගත්තා

Picture - 'Tha Sound of Music' Movie

2 comments:

  1. මේ දැන්ම
    ඔව් මේ දැන්ම
    එහෙ යන්න ඇත්නම්
    දැල් කවුළුවෙන්
    ඈත මහකන්ද දිහා
    මෑත දාස්පෙතියා පාත්තිය දිහා
    බල බලා
    දේවදාර සුවඳේ
    එක මොහොතක් රැඳෙන්න

    ReplyDelete
    Replies
    1. මිතුර ඔබ මතකයන් අවුළවන සතුරෙකි ය. :)

      Delete