
සිසිරයේ හැම වැහි බිඳක් ම
මගේ ඇස තුළ වසන්තය නම්
සිසිරයයි කියා පෙම්වත
පමාවන්නේ මන්ද
සුසුදු පියුමක් රෑ සිට
මඟ බලන හැම විට උදය
උදැසන බෝ දුර
හිතෙන්නේ නැතිද
සියුම් හිම කැටි පාරා
හිරුන් එබිකම් කරන විට
හිත දිය ව යනු දැක
හිනා වෙනු කිම්ද
Picture - 'My Sassy Girl' Movie
No comments:
Post a Comment