
නෙල්ලි ගස් උඩ ලැගන්
සවස්වරු ගෙව්ව
හාවන්ට එහා අපි
කඳු බිමෙහි දිව්ව
මඩ වගුරුවල නිදන
අම්බරුන් බාන
කන් ගසත් නො ඉවසා
අප මිහිරි ගීත
වන වදුල අන්න මිත
හැංගෙන්න ඕන
දැඟලුවොත් පැන දුවයි
කඳු මුවන් රෑන
ඔච්චමට හිනාවෙන
වේවැලුන් ගාල
දැකගන්න ගුරුන් නෑ
කන්දකට ආල
බලන් ඉන්නේ මොකද
මෙන්න රහ නෙල්ලි
පඳුරු 'තර හැංගිලා
ගැසී ඇත කල්ලි
පයින් ගස් නළවනා
සුළං ගුම් විහිඟුම්
එක්ක තරගෙට නටන
බත්කූරු විහඟුන්
Picture - Gerry Sevier, Canadian, born 1934
එකපාරටම පයින් ගස් වගයක් ආවේ කොහොමද?
ReplyDeleteඒක ගැලපෙන් නැති ව ගියා නේද? වෙනස් කරන්න බලන්නම්.. ඒක තමයි ලංකාවේ කඳුවලත් හැටි.. පහළ තියෙන්නේ අපේ ගහකොළ.. කඳු ඉහට වෙන්න අධිරාජ්යවාදේ.. කඳු හිස්වල තේ, පයින්, සයිප්රස්.. මේ මගේ අත්දැකීමක්.. ඒ කඳු ඉහේ තිබුණේ පයින් ගස් :)
Delete//බත්කූරු විහඟුන් // අලුත් ඇහැක් :)
ReplyDelete:)
Delete