
මං උසස් පාසලක් දැක්ක
එහේ තිබුණෙ නෑ
දූවිලි සුළඟත් එක්ක පොර කකා
විසාල මිදුල් අතු ගාන්න
ඔයෙන් ගල් ඇදලා ගල් වැටි බඳින්න
පොල් ලෙලි ගෙනත් ගෙනත්
ගස් වටේ අහුරන්න
ඊටත් පස්සේ සෙරෙප්පු නැති කකුල්වලින්
දුවන් දුවන් ගිහින් බංකුවකට ගාල් වෙන්න
ඩෙස් පුටු අරන් ගිහින් තැන් තැන්වල අහුරන්න
හැමෝට ම තිබුණෙ කිරි පාට ගවුන්
එක ම විදිහේ සපත්තු
එක ගානට කපපු මල් පඳුරු මැද පාර දිගේ
පේළියට ඒ අය ඇවිදන් ගියා
මිදුල් අතුගාන්න බැලු බැලු තැන ලස්සන කරන්න
එහේ හරි හුඟක් අය
ඒ අය පහු කරන් ළමයි ගියේ හරි උජාරුවෙන්
ඒගොල්ලො පන්තියට ගිහින් පාඩමට වාඩි වුණා
විෂයකට පන්තියෙන් වැඩි ලකුණු ලැබුණත්
ඒ අයට සහතික ලැබුණා
ලංකාවෙන් ම චිත්‍ර ඇඳලා පළවෙනියා වුණු සිරිමා
කවදාවත් අපේ ඉස්කෝලේ ඉස්ටේජ් එකට ගත්තෙ නෑ
විඩින් විඩේ ගුරුවරුන්ගෙයි ලොකු සර්ගෙයි ළමයි උඩට නංවලා
ඒ වගේ හැදෙන්න කියලා අපිට කිව්වා
ඉහළ විබාගේ පාස් වුණු දවසේ
එයාල මට කිව්වා
"කලා කළා ඒකයි" කියලා
Picture - Lin Fengmian, Chinese, 1900-1991
No comments:
Post a Comment