වස්දඬුවක සිනිඳු සද්දෙ
කඳු බෑවුම් නිම්න මැද්දෙ
වතුර බින්දු වැටෙන වැස්සෙ
නටන ළපටි මුවෙකු ගැස්සෙ
කොළ පෑ තුරු වදුලු අස්සෙ
ඕවිල්ලක ලියක පැද්දෙ
කඳුකරයේ පැලක මැස්සෙ
රස රහසකි වියැට බිස්සෙ
සිනා සලන මී මැස්සන්
කුදු ළඳු මත මල් දැස්සන්
මුව කොපුලේ පෑ රිස්සන්
කොමල කතා කී පිස්සන්
Picture - Vincent Van Gogh