
වසා ඇති දොර අසල නතර වෙමි
කවුළුවෙන් කවුළුවට අඬ ගසමි
ඉගිල යන වවුලනේ මට කියන්
කොහෙද ඇය ගෙන ගියේ
මිදුල මැද වල් වැතිර උසැති හිස් ඔසවලා
සේපාලිකා ගසෙහි මල් බිමට පරවෙලා
දිය කඩිති ගලන මං සොයා ගනු බැරි වෙලා
සියලු ගහ කොළ ඉඳී අමුතු ලෙස ගල් වෙලා
අකුරු නොම දත් පරිදි හෝඩි පොත ගොලු වෙලා
දැහැටි දඬු කැඩූ ගස කරඳ බිම වැතිරිලා
බිම් කඩෙන් බිම් කඩට යටි වියන් බෝ වෙලා
ළමා කල දොර හරින යතුර ඇත නැති වෙලා
Picture - George Goodwin Kilburne 1839-1924
දොර තුලින් එපිට වූ මතකයෙහි දොරගුලු මිස කෙසේ විවර කරන්නද වැසී ගිය ළමා කල දොර..
ReplyDelete