Monday, June 2, 2014

විශිෂ්ටතම පෞරුෂත්ව සම්මානය



මහැදුරු පැමිණ හිඳගති
තවත් තිදෙනෙකුගෙන් යුතු වූ
විශිෂ්ටතම පෞරුෂත්ව සම්මානය
තෝරන වක්‍ර මේසයේ

සැලකිය යුතු කාලයක
සැලකිය යුතු නිර්ණායක රාශියක් පිහිටුවා
සටහන් කෙරිණි අවසන් ලකුණු
එහෙත් දෙදෙනෙක් පවසන්නට වූහ
පළවැනියාට නොව දෙවැනියාට සම්මානය දිය යුතු බව
දෙදෙනෙක් ප්‍රතික්ෂේප කළහ එය තරයේ
රැස්වීම් වටය බහා තැබිණ
අවසන් තීරණයට එකඟ විය නොහැක්කෙන්

නැවත කැඳවිණි
විද්වත් මඬුල්ල
එවිට දෙවැනියාට සම්මානය දිය යුතුය කී පස
තිදෙනෙකු වී තිබිණ
එ තිදෙන වට කර ගෙන
මහැදුරු විරසක
නොයෙක් ආකාරයෙන් කියන්නට වූහ
දෙවැනියාට දිය යුතු බව සම්මානය
මහැදුරු නැඟී නික්ම ගියේය
තුන්වැනි වටයකට බහා තැබිණි තීරණය

උදා විය අවසන් වටය
විශිෂ්ටයා විය යුතු වයස් සීමාව වෙනස් කොට තිබිණ
පළවැනියා බැහැර විය එම වයස් ගොන්නෙන්
තබන්නට විය සිය අත්සන මහැදුරුට

විශ්ෂ්ටත්ව සම්මානය ප්‍රදානය කෙරිණ
අතිවිශිෂ්ටයා නික්ම ගොස් තිබිණ

Picture - René Magritte (Belgian, Surrealism, 1898-1967)

No comments:

Post a Comment