Monday, June 23, 2014

Be Green : කොළ පාට රහ හදවතක්



ඇල්බීසියා ගසක් වුව
මොනතරං රහද
ක්වීන්ස් ටෙරසයෙන් එබෙන විට

ගෙයි ළඟ ඇල්බීසියා වැටිය
සැරසුව ළා දම් පාට මල් පෙළ
සිහි කර හිනා වෙමි තනිව
පා තබමි පුරුදු සුවඳක් සොයමි

පයින්ම යමි
රෝද ගලවා විසි කරමි
රථ නැතිව ළත වෙන දනන් නොහඟින
අපූරුම රහසක් මම දනිමි

තනි මිනිසෙකුට ඇඳිය හැක
මහ විසල් චිත්‍රයක්
පොදු මිනිසුනට නොපෙනෙන
කොළ පාට රහ හදවත
ක්

Picture - Daniel Garber

8 comments:

  1. මටනම් ටිකක් බැර වැඩී වගේ කඳු, කලෙකට පස්සෙ මේ පැත්තේ අවේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. කියන්න හදපු දේ පහළ පිළිතුරක ලියා තිබෙනවා වෙද සිත්තම!!

      Delete
  2. ක්වීන්ස් ටෙරසයේ , ලොකු ලොකු ගස් රාශියක් දැක ඇත. ඇල්බීසියා ගසක් නම් අදුනන්නේ නැත. කොලභ අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව මේ ප්‍රදේශයේ අපුර්වත්වය, නිසලතාවය , දැවැන්ත ගස්, ගෙවල් , දකින කෙනෙකුට කවි සිත අවදිවීම තේරුම් ගත හැක.

    'රෝද ගලවා විසි කරමි" ...අදහස හෝ වචන ගැලපෙන්නේ නැත.
    " රථ නැතිව " ......කවියකට ගැලපෙන පද නොවේ.

    " කොළ පාට රහ හදවතක් " ...තියෙන්නේ කොහෙද ?
    අමුතු දෙයක් කීමට තැත් කරන බවක් පෙනුනත් , එවැනි දෙයක් නොදැනේ. සාර්ථක නැත.

    පින්තුරය හොඳයි. බලා සිතිඅ හැක. කවියේ අදහස හා සමපාත වේද ? එයින් දෙනෙන්නේ වෙන හැගීමකි.

    ReplyDelete
    Replies
    1. පයින් යන්න පුළුවන් නම් පයින් යන්න, එකම කවරය පාවිච්චි කරන්න පුළුවන් උපරිම පාවිච්චි කරන්න, ජනෙල් ඇරගෙන සුළඟ වැදි වැදී ඉන්න පුළුවන්කම තියෙද්දි ෆෑන්, ඒසී නොදා ඉන්න.. බිමට කොළ කෑලි, කුණු විසි කරන්න එපා.. බිමට නොදැම්මාම ඇඟට අමාරු නම්, අරගෙන ගිහින් තමන්ගෙ මිදුලට දාගෙන ලස්සන බලන්න.. වාහනවලින් යන එක, ඒසී යන්ත්‍ර භාවිත කරන එක ලොකු දේවල් නෙමේ.. ඒකෙ අනිත් පැත්ත.. ගෙවල් හදන කොට වාතාශ්‍රයක් නො එන පෙට්ටි වගේ නොහදන්න.. මැති ඇමතිවරුන්ගේ ලයිට් බිල ල්ලක්ෂ ගණන් නිසා අපි පාවිච්චි කළාම මොකද.. පලියට නොහිතන්න.. කොළ පාට හදවතක් වෙන්න.. ඔන්න ඕකයි කියන්න ඕනෑ වුණේ..Green Homes, Green Policy and Procedures, Green HRM..

      ස්තූතියි.. නොගැලපෙන වචන ගැන එකඟයි.. විශාල සටහන්වලින් කියන්න ඕනෑ දේ මෙහෙම ලියන කොට අසාර්ථකයි.. ඒක ඇත්ත. නොදැනීම හා අසාර්ථකභාවය ගැන එකඟයි.. මේ කවියක් නෙවෙයි.. අදහසක්..

      පින්තූරය නොගැලපීම ගැනද එකඟයි. ගැලපෙනම පින්තූරය සොයාගැනීමට හෝ ලිවීමට අසීමිත කාලයක් වැය කළ නොහැකියි.

      ස්තූතියි. අගය කරනවා ඔබේ විමසීම.

      [කොළ පාට රහ හදවතක් තිබෙන්නේ මා ළඟයි :) ]
      [ක්වීන්ස් පාරේ ඇල්බීසියා ගස් තාප්පවලින් එළියට එබෙනවා ඔබ දැක නැති හැඩයි]

      Delete
    2. යනවිට හෙමින් ඇවිද පාරේ
      බලන්න බිත්තියේ දෙවියන්
      සිටීද කියා
      හැකිනම් ගසන්න සීනුවත්
      බෙදා දේවි ඔබටත් දැනුම

      Delete
    3. මා දන්නවා
      දැක තිබෙනවා
      කිසිදාක විය නොහැකි පැතුමක් පතා
      සීනුවත් ගසා තිබෙනවා දිනක්

      Delete
  3. ..Green Homes, Green Policy and Procedures, Green HRM..

    පරිස්සම් වන්න.... , මේ සංකල්ප ඇත්තටම Green ද ? Marketing gimmick ද ?

    ක්වීන්ස් පාරේ ....උස තාප්පයක් ඇති නිවසක් සහිත විශාල ඉඩමක , ලොකු ගස් තිබෙනවා මතකයි. රැජින ගේ බංගලාව වැනි මහේශාක්‍ය මන්දිරයක් තිබෙනවා ද මතකයි. ඇල්බීසියා ගස් තිබේ දැයි, ඊ ලඟ වර ඕනා කමින් බලන්නම්.

    ReplyDelete
  4. සරසවි බිමත්
    විසල් තණපිටියත්
    දෙපස රුක් රාජයොත්
    ඇහැල මල් රූරා වැටෙන
    කඩින් කඩ පොද වැහි වහින
    මැයි ජුනි ජූලි මල් සමයත්
    එගිනියම් නුවර
    ඇති සොඳුරු දසුන්මය

    කොලඹ මම හැමදාම දකින්න ආස තැනක් .තාමත් පරණ පුරුදු රස්තියාදුවේ යන්න ඔනේ වුනාම ගැවසෙන්න හිතෙන්නෙ ඔය හරියේ .රැජිණ පාරේ පරණ ගෙවල් විසාල මිදුල් දිහා එබි එබි බලමින් බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාලෙට අවිදගෙන ගිය වාර අනන්තයි .අර දේව රූපේ තියෙන්නේ ඩොක්ටර් නීලන් තිරුචෙල්වම්ගේ ගෙදර කියලයි මම අනුමාන කරන්නේ .

    ReplyDelete