Sunday, June 1, 2014

වැහි කාලය පටන් ගතී



වැහි කාලය පටන් ගතී
අඳුරු සළුහු බිමට එතී
කපුටු කාක් කාක් කාක්
කූඩු බලා පියාඹතී

ඇළ දොළ ගං පිරී යතී
රැළි ගවුමින් උඩ පනිතී
සඳහු කඳු ඉසේ නැවතී
අරුම කිම කිමද බලතී

ඉසිඹුලන්ට නොවී ගැතී
සඳ කැටපත විසි කරතී
බැමි බිඳගෙන කඩිමුඩියේ
සිතු සිතු තැන ගඟහු යතී

Picture - Daniel Gerhartz, from Wisconsin, US (b. 1965)

No comments:

Post a Comment