
ඇදුම් කන විට හිත වැටී පල්ලියක් ළඟ
උපන් රට උපන් බිම මල් පිපෙන තැන කොතැන
රිදුම් දෙන විලස පිට කොඳු තලා මහ මඟ
හැඬුම් නවතාගන්න විදිහක් කියනවද?
හැඬුම් නවතාගන්න විදිහක් කියනවද?
කොහේ යන්නද දරු පැටවු ගේ දොර රැගෙන
රස්සා කළ ගෙදර අපේ කඩ පිල අතැර
හදේ ඇත උදුන් දහසක් එකට ඇවිලගෙන
අනේ මිතුරනි බැරිද රැකගන්න අපි සැවොම
Watch http://en.wikipedia.org/wiki/Earth_%281998_film%29
Mawlana Jalal Al-Din Al-Rumi,
සමාවිය යුතුය මට ඔබ
ආදරය වුණත් ලොවට විසි කරන්නේ කොහොමද නොදන්නා විට
කඳුළුවලත් ලේවලත් ඇත්තේ එකම පාටක් බව
නොදන්නා මිනිසුන් අතර ඉපැදීම පින් මඳ කමෙක
ඔවුන් වගුරන වෛරය අසිපතක් වී දිනෙක
මගේ ගෙල සිඳින දින වුණත් වැඩි දුර නැත
දෙවියන් හැර ගිය ලොවක පැවතෙමි අප්‍රාණවාචීව
ආදරය හැර නොමැත වපුරනු පිණිස කිසිවක් මා අත
එහෙත් මට බිමක් නැත
Picture - Alberto Burri (Italian, 1915-1995): Procession of the Dead Christ, 1946
ඇත්තෙන්ම ඉතාම සංවේදී නිර්මාණයක්...
ReplyDeleteඅනගි පැතිකඩක්....
ReplyDelete