Wednesday, June 25, 2014

ඔබට ආදරය වග



සැතපෙයි එළිය
තණ බිම් මත
ගිම්හානයට පෙර ලියමි
ඔබට ආදරය වග

ගට ගටා තුඩින් තුඩ
පෙමින් බර සිතුවිලී
සුළඟ හා කෙළිදෙලිනි
මලින් මල මනකලී

රනින් බැඳ කියඹු රොද
වසත් කල සැඳෑවක
තව කුමට ළතවෙම්ද
කියා නිම වුවත් කිම?

ගිම්හානයට පෙර කියමි
ඔබට ආදරය වග

Picture - Guan Zeju

3 comments:

  1. ඇත්තෙන්ම අතිවිශිෂ්ඨයි.

    ReplyDelete
  2. හොඳයි, ලස්සණයි ,සංක්ෂිප්තයි. , බොහෝ විට අකුරු දෙකේ තුනේ වචන.....අදහසට ගැලපෙයි. .
    ( නොගැලපෙන වචන. ?........නොමැත)
    ගිම්හානය ...? සාමාන්‍යයෙන් මෙහි භාවිතා වන වචනයක් නොවේ.
    ඉංග්‍රීසි කවි සිංහලට පරිවර්තනයේදී මෙම වචනය බහුලව දකින්නට ඇත.
    ඉංග්‍රීසි කවියක ගතියක් ද ඇත.
    චීන පින්තුරයක් වුනාට , මුණ ලංකාවේ.

    ReplyDelete
    Replies
    1. පොත් ලියන අයට ඔබ මුණ ගැහුණොත් හොඳයි. එහෙම නම් ඉතින් ඔය ප්‍රකාශනය කරන පොත්වලින් භාගයකටත් වඩා මඟ හැලෙයි.. නමුත්, හොඳයි :)

      Delete