Friday, June 6, 2014
කොපමණ සුන්දර සන්ධ්‍යාවක්ද ඒ..
වැහිබර වූ නුමුත්
පැහැදිලි නිසංසල සන්ධ්‍යාවක
පුස්තකාල මිදුලේ
සිමෙන්ති බැම්ම උඩ
අපි හිටිය වාඩි වී
කොපමණ සුන්දර සන්ධ්‍යාවක්ද ඒ
අතීතයට මුහුවෙනු නොහැකි
කතා නොකළත් හිත්වල එකම දේ තියෙන
කවි ලිව්වත් ජීවිතය විකුණන්න නොයන
තරුරසිත් ධනුෂ්කාත් අතරමැද රැඳුණ
සිමෙන්ති බැම්මක් පවා සැනසුමින් නිවෙන
කාලයේ තාලයට වෙනස්කම් නොවුණ
කියාගන්නට නොහැකි දුක් හිතේ තියෙන
විලෝ අතු සුළඟ හා සර සරය නඟන
විට අපේ සිනා දැක ඇරෙයි දෙව් විමන
Picture - Nick Igor
Subscribe to:
Post Comments (Atom)
ඇත්තටම කොපමණ සුන්දර සන්ධ්‍යාවක්ද ඒ....
ReplyDeleteදුම්රිය අල්ලාගන්න දුවනු රිසියෙන් පැමිණි
මා අතරමග නතර කර ලූ
පුංචි කඳු වැටිය....
ඒ ඔබේ ස‍්නේහය...
සිමෙන්ති බැම්ම මත
ලිහී විසිරී ගිය හදවත් බැම්ම
ඉතිරි කළ ස්නේහ සුගන්ධය
තවමත් ආනන්දනීයයි
හද තුළ...
ඉතින් ආයෙම
දුවනු හැකි වෙද කොයි ලෙස
දුම්රිය මා වෙනුවෙන් නතර නොවූවද
මම නතර වෙමි
ඔබ ළඟ...
එළඹෙනු ඇත තවත්
අපමණක් සුන්දර සන්ධ්‍යාවන්...
ඔබ මා හමුවන...
එළඹෙනු ඇත තවත්
Deleteඅපමණක් සුන්දර සන්ධ්‍යාවන්...