
මා හදේ ගින්න නිවුණු දිනෙක
නිසැකව ලියා දැන්විය හැක
ඔබ පැතුම ඉටු වුණු වග
නීතියේ මායිම් වැටි
ඇද හිතු හිතූ හැටියට
නොමඟ යැවු බිමක වණ
සුවව ඇති බව
මායිම් වෙනස් වූ කල
නොවිය යුතු දේ සිදු වුණු වග
ඉහළ වහලය සිදුරු
පහළ බිම්, සාල වැනසූ බව
බිය නොවූහ කිසිවෙක් කිසිවෙකුට
රැහැන් හදා ගත් සියල්ලෝම
පෙළන්නට වූහ අන් සැම
ලිහිල් වීමෙන් ඉහළ තැන්
පහළ තැන් වුව
වැනසූහ වඩා පහළ තැන්
මේ සියලු තැනින් නික්මුණු
ගින්නෙන් දැවෙන මා හද
නිවුණු දවසක ලියා දන්වමි ඔබට
ඔබෙ පැතුම ඉටු වූ වග
Picture - Vincent van Gogh (Dutch, Post-Impressionism, 1853-1890)
මෑතකදි මම හදාරපු දෙයක් තමයි Ekphrastic Poetry, මේකත් ඒ වගේ නේද කියල මට හිතුන. මමත් එකම එකක් ලියල ගෙදර එක්කෙනත් ඇතුලුව දෙන්නෙක් එක්ක බෙදා ගත්ත. ඔයා Ekphrastic Poetry බලල ඇති. බලල නැත්නම් හොයාගෙන කියවන්න. හරි රසවත්.
ReplyDeleteඒක මට අලුත්. මම අහල නැහැ.. හොයාගෙන කියවන්නම්.. මා හොඳ කියවන්නියක් නොවෙයි.. ඒත් ඉඳ-හිට හරි කියවන ඔබේ කවි හරිම රසවත්!! මා කැමති කවි!
Deleteඔබේ සොයාගැනීමට බොහොම ස්තූතියි..