
කලා සොළොස පුරවා සඳ එබී බලන සඳ තැන්නට
වලා සාලුවට මුවාව වසා ගනී මුව නිම්නය
නුඹ ගිය දා සිට ඈතට එක කුසුමක් නොපිපුණාට
සීතල ගඟුලක වැළපුම ගලා ගියා හැම රැයකම
කඳු අග්ගිස්සට ඇවිදින් එබී බලා යාන්තමට
ඉර බටු තරු එකක් නොවේ ඇවිද ගියේ අවරගිරට
සැන්ඳෑවේ රතු චුම්බන තුරුලු කරන් ඇවිළු ළයට
අහසේ තැන තැන ඇන්ඳා හදින් විසිර ගිය ගිනි බිඳ
පාළුව තනිකම කවරද අලුතින් ගෙනදුන් අරුතට
බිය වුණු නිල් උත්පල මල් හිස් හොවාන ගැඹුරු දියට
දරා ගන්න බෑ කිය කිය වේදනාව ගඟ ඉවුරත
උණ තුරු පෙළ අත් ගසමින් අයදියි අලු පැහැ අහසට
Picture - Sir Tomas F.Dicksee
මේ කඳු ගීයක් නේද??? කෝ එාහෙම කියල නැහැනේ
ReplyDeleteකිව්වා කියල වැඩක් තියෙනවයැ.. (onna kiwwa)
Delete