Tuesday, June 3, 2014

වයලීනලුව



ඔබේ  වයලීනලුව මතු වෙලා මා හදින්
වයන්නේ වයන්නේ වස්සාන සංගීත

පොරොත්තුව කියා කිසිවක්ම නොහිටින පරිදි
මහ ගස්ද උදුරා ඉවත යයි උණුසුම්
ගනාන්ධකාරයෙන් කුණාටුව සේ මතුව
එවන් විට මගේ හද බමන්නේ නිබඳ ඔබ
ජීවිතය ඇති මුත් ජීවිතය නැති විටදි
තෝෂ සංතෝෂ මුදවූ ශ්වේත හිම කැටිති
දොරක් හෙමිහිට ඇරෙන හඬක් නිති මතුව එයි
කුණාටුව ඇති විටදි දල්වමින් ඉටි එළිය
එකම එක ක්ෂණයකට

Picture - Kelvin Lei

No comments:

Post a Comment