Friday, June 6, 2014

ව්‍යසන සහිත රාත්‍රීන්හි



ව්‍යසන සහිත රාත්‍රීන්හි
නොසිතූ විරූ ලෙස
ප්‍රේමයේ රැකවරණ සපයමින්
ඔබ පැමිණෙයි
මා කිසිදිනෙක දැක නැති විලාසෙන්

දෙදෙනෙකුට කැපිය හැකි
බුහුටි ළා කහ පැහැති
කේකයක් තබා අත
ඉහළ විභාගය
සමත් වන්නැයි කියයි

ඔබ කිසි දිනෙක සිට නැත
මගේ හොඳ මිතුරෙකුව
එහෙත් විස්මයාවහ
මහත් දර්ශන අඳී සිහිනයේ
මම මවිත වෙමි
සන්තෝෂය රඳවා සිනහවක
ඔබ කොහේ සිට දැන්
මතු වේද නොදනිමි

Picture - Nicholas Chevalier

No comments:

Post a Comment