Thursday, June 26, 2014

වැළපෙන පුරසඳ



රිදෙන හදින් හිඳ
බිඳෙන බැඳුම් දැක
වැළපෙන පුරසඳ
ඔබගේ කවියද

බිනර මලින් පොබ
වසත් සමය සොබ
අසත් අතින් අබ
කලඹා පියැඹිද

තනුවක තාලෙට
ගඟුලක කැලඹෙන
පෙති විසිරුණ මල
සයුරට ඇදුණිද?

Picture - Jose Royo

2 comments:

  1. අඳුරු අහස දෙස,
    කඳුළු පිරුණු නෙත,
    යොමා බලා හිඳි,
    බිඳුනු සිතැති මම......

    ReplyDelete
    Replies
    1. ඉතා අලංකාර සිතුවමක් මෙන්
      සුන්දරම පාට ගල්වා
      පිරියම් කළ හැකිය සිත්

      Delete