
වසන්තයට අත වනන්න
එක කවියක් මටත් දෙන්න
දිය සිඳි වන ළපලු අතර
මල් මඤ්ජරි පළඳවන්න
වලා සේල වැසූ ළමැද
මිහි උර මත අතුරවන්න
වසන්තයට අත වනන්න
එක කවියක් මටත් දෙන්න
ඇසළ පාට රෑ අහසේ
තරු නෙළ නෙළ හිනාවෙන්න
වසන්තයට අත වනන්න
එක කවියක් මටත් දෙන්න
රන්සිරිමල් ප්‍රනාන්දු :
අඹ මල් වල රේණු හැලී
වැලි මිදුලම පොතක් වෙලා
ලියැවෙන කවි පදය ගන්න
හොරෙන් එබෙන හිරු රස් දැක
උදේ පිපෙන පිනි බිඳුවල
දිදුළන කවි පදය ගන්න
ගං දෑලේ හිනා හලන
පෙණ පොඩි වල හැංගීගෙන
මිමිණෙන කවි පදය ගන්න
මල් අවුණන මල්කාරී
කවි මල් මාලය ගොතන්න...!
Picture - Arthur Braginsky
ලස්සනයි.. ඒ වගේම අමුතු කවියක්..
ReplyDelete