
අඹරක් අමර්ෂය නිමා කළ විලාසෙන්
අහස් ගබ අසනි වැසි නික්මී ගියාදෙන්
මල් ළපල් නටන කල එළඹී දයාවෙන්
මංගල්‍ය වාගේය මේඝාවසානේ
නෘත්යානුභාවෙන් ච්‍යුත වී තුරු නා
නිල් මල් පැහැති අත් විදන ලෙද අඟනා
හෙළ දිගුවිලැති පෑ අහසටම නැඟෙනා
වෘක්ෂාභිමස්තකව හිම වලා නටනා
මංගල්‍ය වාගේය මේඝාවසානේ
වසත් කල උදා වී මලුපුලින් විල නී
විකසිතව ලීලා බ්රමරභාර පා මී
තාම්රපල්ලවයෙන් ලතා ගුල්ම පේවී
වලා යහන් මත අතුරවයි රත අදර මී
මංගල්‍ය වාගේය මේඝාවසානේ
Picture - Elena Schlegel
No comments:
Post a Comment