
දුන්හිඳ ප්‍රේමණීයද? දඹතැන්න පාළුද හුදෙකලාද? තණබිම් මීදුමෙන් වැහිලද?
ඕබඩැල්ල තවමත් ගලනවද? සුසුම් තල්ලු කර ඈතට සයිප්‍රස් ගස් නැවෙනවද?
ඔබ අඳුරෙද තරු එළියෙද? මොහොතක් මට කියනවද?
සීතල කඩා හැලෙනවද? ගැහෙන අත්ලට පිඹිනවද?
අතරමැද කළුවරේ වෙවුලුම් නිවන විදිහක් හොයනවද?
ඒ ඔබේ සුරුට්ටුවේ කොණද? පුළුස්සා ඇත්තේ අහසෙ තැන තැන
Picture - Carrie Graber
MEKA KAIYAK DA NATH NAM Q.P EKAKDA
ReplyDeleteYou can answer if you are willing to.
Deleteඉක්මනට ගමේ යන්න...
ReplyDelete:)
Deleteලස්සනයි, අර්තාන්විතයි , ( පස්වන පේලිය දක්වා )
ReplyDeleteඅන්තිම පේලිය ගැන නම් ලොකු විවේචනයක් තිබෙනවා. ඒ දක්වා පැමිණි flow එක සම්පුර්ණයෙන් වෙන පැත්තකට හැරෙනවා. " සුරුට්ටුවේ කොණ " වචන න් මෙවැනි රචනයකට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. එයින් කියවෙන දෙය ඊට කලින් දේවල් සමග ගැලපෙන්නේ නැහැ.
අන්තිම පේලිය නැතිව ....
" අතරමැද කළුවරේ වෙවුලුම් නිවන විදිහක් හොයනවද? " තැනින් නැවතුනා නම් කොයි තරම් අර්ථවත් ද ? කලින් පද හා සබැදි අරුත් ගණනාවක් ජනිත වෙනවා. එක එක්කෙනා , එක එක විදියට තේරුම් ගනීවි.