Sunday, June 1, 2014

සුළඟ බිඳු සුයාමය



නතර වෙමු කඳු අතර
වන වදුල තිසර බිම
සුළඟ බිඳු සුයාමය

වදන් සඟවන සිහින
මුදාහැර දිය මතට
කුරුල්ලන් වෙමුය අපි
ඉගිල යන නිම්නයට

කඳුන් කොත් දරාගෙන
නිල නිලන නෙරු අතර
සිත්තරෙකු නැති අරුම
සිතුවමකි අඬ ගසන

Picture - Ferdinand Feldhütter, from Munich, Germany (1842 - 1898), "Königssee in Bavaria"

1 comment:

  1. සිත්තරුන් කුමකටද?
    සිතුවමක් කුමකටද?
    ඔබ දෑස් ඉදිරියේ,
    විසල් වූ ඵලකයේ,
    ඇඳි පුලුල් සිතුවමේ,
    රස විඳිනු නිසසලේ....

    ReplyDelete