Monday, June 9, 2014

හයිඩි



ෆ්‍රැන්ක්ෆර්ට් පෙදෙසකි
බම්බලපිටිය අස
සැඟවී සිටීද හයිඩි
මහල් නිවසක කිනම් හෝ

මල් පිපුණු තැනිතලා මුළු හදේ හංගගෙන
රන් කියුඹු නිල් මිටියාවතෙහි වැතිරෙන
ෆර් ගස් නළවමින් හඹන සීතල පවන
අතර සඟවා ජීවිතේ මහරු සිහින

හයිඩි නුඹ සිටිනවද කොතැනක හෝ නගරයේ
අත්තම්මාත් සීයත් පිළිබඳම මතකයේ
යළි යළිත් ඔවුන් මුණගැහෙන තුඟු කඳු බඳේ
සිහින සඟවා තවම සිටිනවද නගරයේ

Picture - Jules Bastien-Lepage

2 comments:

  1. හයිඩි කියන්නේ මං ආස කල චරිතයක්, හයිඩි වගේ වෙන්න මට ඕනේ වුණා ඒ කාලේ,, ඔයාගේ කවි වල විදියට මං ගොඩක් කැමති ,ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපූර්වි..

      Delete